පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධුර 106ක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 95ක් ලබාදෙමින් එක පක්ෂයකටවත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඡන්දය ලබානොදීම සම්බන්ධයෙන් ජනතාවට ඇඟිල්ල දිගු කරන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. එසේම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ඔහු පැවැසීය.
" විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණුවලට හෘද සාක්ෂියට අනුව එකඟ වෙන්න සිදුවෙනවා. ජනතාවටත් ඇඟිල්ල දිගු කරනවා. ජනපතිවරණයේදී ලක්ෂ 62ක් ජනපතිට ඡන්දය දීලා පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 106ක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක් ලබාදෙමින් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දුන්නා.
ඒක නිසා ප්‍රශ්න රාශියක් පැන නැගුණා. පසුගිය 02 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීන්දුවක් ගත්තා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට. නමුත් අද කට්ටියක් එන්නේ නෑ. කොන්ද පණ ඇතිව අපිට එහෙම කරන්න බෑ. ඡන්දය නොදී හැංගෙන්න සිටිනවා නම් ඒ අයට ජනතාවට මුහුණ දෙන්නට වෙනවා.
අපි පක්ෂව ඡන්දය දෙනවා. ජනපති අපිට යන්න කිව්වොත් අපි යනවා. එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහන්න අපි අවේ නෑ. දේශපාලන මතවාද තිබුණත් අගමැති සමග පෞද්ගලික ගැටුමක් නෑ. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස අපි කටයුතු කරන්නේ නෑ. "