දඹුල්ල ක්රිකට් ක්රීඩාංගණය ආසන්නයේ මේ විට විරෝධතාවක් පවතියි. අද තරගයේ ප්ර වේශපත්ර මිලට ගැනීමට නොහැකි වූ පිරිස් විසින් මෙම විරෝධතාව පවත්වයි. දඹුල්ල- කුරුණෑගල ප්රධාන මාර්ගය අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ නිරතව සිටිති. කෙසේ වෙතත් එම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළේය.
කෙසෙ වෙතත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊයේ (30දා) සවස මෙම තරගයේ ප්රවේශ පත්ර අලෙවි වී අවසන් ව ඇති බවට නිවේදනය කළ අතරම අද (31දා) ප්රවේශ පත්ර අලෙවි නොකරන බවද පැවැසීය.