එළැඹෙන නොවැම්බර් මස 9 දා හා 10 දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්විමට නියමිත 19 වැනි දකුණු ආසියානු සමුළුව පැවැත්වීම පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
වත්මන් තත්ත්වය අනුව එම සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බව එම නිවේදනයේ දැක්වෙයි. කෙසේ වෙතත් සම්මුතියෙන් යුතුව සෑම මට්ටමක තීරණ ගත යුතු බවද එම නිවේදනයේ දැක්වෙයි.
මෙවැනි කලාපීය මට්ටමේ සමුළුවක් පැවැත්විම සඳහා සාමය හා ආරක්ෂාව අත්යාවංශය බවද සාක් සාමාජික රටක් වශයෙන් එවැනි ආකාරයක ආරක්ෂාවක් හා සාමයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.