දක්ෂිණ අධිවේගී මාර්ගයේ බලපත්ර ලබා ගැනීමට යාමේදී බලපත්ර වංචා සිදුකල බස්හිමියන් 16 දෙනෙකු පිළිබදව හෙට (24දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.
පසුගිය ආණ්ඩු සමයේදි සිදුවූ මෙම වංචාව නිසා අදටත් රජයට විශාල පාඩුවක් දැරීමට සිදුව තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.