දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම් කටයුතු අර්බුදයකට ලක්වී ඇති බවට කෝප් කමිටුවට වාර්තා වී තිබේ.
මෙම මාර්ගය ඉදිකිරීම සඳහා අනුමත කළ බිලියන 103ක මුදල බිලියන 126ක් දක්වා වැඩිකළ යුතු බවට සිදුකළ දැනුම්දීමත් සමග ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා හෙට (19දා) මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
පස් පුරවා පාලම් අලුතෙන් ඉදිකිරීම වෙනුවට කුළුණු මත ඉදි කිරීමත්, පාලම්වල දිග වැඩි කිරීමටත් පසුව දෙන ලද උපදෙස් හේතුවෙන් වැඩිපුර බිලියන 23ක මුදලක් වැයවන බවට කොන්ත්රාත්කරුවන් දැනුම් දී ඇති බවට පැවසේ.
මේ තත්ත්වය නිසාවෙන් අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු අර්බුදයකට ලක්වී තිබෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)