ඛනිජතෙල් බෙදාහැරීම අත්‍යවශය සේවාවක් බවට පත් කරමින් ඊයේ (25දා) මධ්‍යම රාත්‍රී නිකුත් කළ ගැසට් නිවේදනයත් සමග කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්ත වෙත හමුදාව ඇතුළු වෙමින් තෙල් බෙදාහැරීම යථාතත්ත්වයට පත්කරමින් සිටී.
ඒ අනුව, වර්ජනයට එක්ව සිටින සේවකයන් ඉවත්කර ඊට සහාය නොදක්වන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවද වාර්තා වෙයි.
ජනාධිපතිරවයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අනුව පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.
එමෙන්ම, වරායන් තුළ නැවක් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, භාරදීම හෝ ඉවත්කිරීමට අදාළව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් ඉටුකළ යුතු බවටද එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.
කනිජතෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසුව සේවකයන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකන බවද රජය දන්වා සිටී.
එමෙන්ම, කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල බෙදාහැරීම යථා තත්ත්වයට පත්කර ඇති බැවින් තෙල් බෙදාහරින බවුසර්වලට එම ස්ථාන සඳහා යන ලෙසද දැනුම් දී තිබේ.