තෙල්දෙණියේ අතිවූ ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර කුණ්ඩසාලේ ප්රාදේශීය සභාවට තේරී පත්වූ ඇති මන්ත්රීවරයෙක් වන සමන්ත පෙරේරා (අරලිය සමන්ත) අද (29දා) තෙල්දෙණිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ජාතීන් අතර ප්රචණ්ඩත්වය හා වෛරය ඇතිවන ආකාරයට ක්රියා කිරීම සම්බන්ධයෙන් ත්රස්තවාදී විමර්ශන අංශය විසින් පවත්වන පරීක්ෂණවලට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.