මොනරාගල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂකයෙකුගේ පුත්රයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එම පක්ෂයේම මොනරාගල දිස්ත්රික් අපේක්ෂක ජී. තිස්ස කුට්ටිආරච්චි මහතා අද (09දා) මොනරාගල අධිකරණයට භාරවිය.
නීතීඥයන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ තිස්ස කුට්ටිආරච්චි මහතා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම පහරදීමේ සිද්ධිය සිදු වී තිබෙන්නේ පසුගිය 05 වැනිදාය.