මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමේ චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට විදේශගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (05දා) අවසර ලබා දුන්නේය.
කැලණි විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථින්ගේ සංගමයේ ඔස්ටේ්රලියාවේ පැවැත්වෙන රැස්වීමට සහභාගී වන ලෙස ආරාධනා ලැබී ඇති හෙයින් එයට සහභාගී වීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඒ සඳහා අවසර ලබා දුන්නේය.
ඒ අනුව ලබන 10 වැනිදා සිට 25 වැනිදා දක්වා දින 15ක කාලයක් තිස්ස අත්තනායක මහතාට ඔස්ටේ්රලියාවට යෑමට අවසර දුන් විනිසුරුවරයා අධිකරණය බාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු වෙත මුදාහැරීමටද නියම කළේය.