එවකට පොදු අපෙක්ෂකව සිට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායකව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගනිමින් කූඨ ලේඛණ සැකසීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ නඩුවට අදාළ නීතිපති උපදෙස් තවම ලැබී නැති බව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැන්වීය.
ඒ අනුව එම නඩුව නැවතත් ලබන වසරේ ජනවාරි මස 13 දා තෙක් කල්දමනු ලැබිය.