තිරුපති දෙවියන් අදහන අය අපේ ළඟයි - මෛත්‍රී
වර්තමාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රටේ ජනතාව බලාපොරොත්තු වූ ආණ්ඩුව නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාට ඉතිරි වී තිබෙනේ සාත්තරකාරයන් කිහිප දෙනෙකු පමණක් බවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. පන්නල මහජන ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) පැවැති රැස්වීමකදී හෙතෙම මේ බව පැවසීය.
එසේම ජනපති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ ගොස් නැවත පැමිණෙන විට ශ්‍රී ලංකාවේ තිරුපති දෙවියන් අදහන ඇමතිවරුන් දෙදෙනෙකු තමන්ට එකතු වූ බවද හෙතෙම පැවසීය.
"අනුරාධපුරයේ පැවැත්වෙන රැස්වීමට බස් දාහක් (1000) යොදලා ඒ පළාතේ සිටින සියලුම සමෘද්ධිලාභීන් එක්කරලා මහ ජනතාවක් පෙන්වන්න උත්සාහ අරගෙන තියෙනවා. නමුත් තමුන්නාන්සේලාට පැහැදිලිව කියන්න ඕන, මේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අපි ඔබ බලාපොරොත්තු වුණ ආණ්ඩුවක් නෙමෙයි. මෙය සම්පූර්ණයෙන්ම රටේ සම්පත්, ජනතාවගේ ධනය මංකොල්ල කන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා.
මහින්ද රාජපක්ෂ මහත්තයාට දැන් ඉතුරුවෙලා ඉන්නෙ අර වැඩකට නැති සාත්තරකාරයො ටික විතරයි. සාත්තරකාරයන්ව රාජ්‍ය මාධ්‍යවලට ගෙන්වලා අපේ ජයග්‍රහණය වහන්න හදනවා. ඔහු තිරුපති වන්දනාවේ ගිහින් තිරුපති දෙවියන් වැඳලා ලංකාවට එනකොට තිරුපති දෙවියන් අදහන ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් ඇතුළු පිරිසක් අපේ පක්ෂය හා එකතු වුණා" යැයි වැඩිදුරටත් පැවසීය.
පන්නල හේමලතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

