තැපැල් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ කාර්යමණ්ඩලවලට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් දිනෙන් දිනම පමා කිරීම හේතුවෙන් 12,000 කට අධික කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවක පිරිසක් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බැවින් හෙට (02දා) රාත්‍රී 12.00 සිට 3 වැනිදා රාත්‍රී 12.00 දක්වා පැය 24ක වැඩවර්ජනයක් සිදුකරන බව ලංකා තැපැල් සේවා සංගමය සඳහන් කරයි.
6/2006 වැටුප් චක්‍රලේඛය මගින් ශ්‍රේණි 16 ක් වූ කනිෂ්ඨ කාර්යමණ්ඩලය එක් තනතුරක් යටතට පත් කිරීම නිසා කනිෂ්ඨ කාර්යමණ්ඩල යටතේ සේවයට එක්වන සේවකයාට එකම තනතුරක් යටතේ විශ්‍රාම යාමට සිදුව තිබෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.