තැපැල් ඡන්ද අයදුම් කිරීමේදී 2017 පළාත් පාලන ආයතන ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරුවලට අනුව ඉල්ලුම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
අදාළ නාමලේඛන දිස්ත්රික් හා ප්රා‘දේශිය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතන කාර්යාල තුළ හා ග්රාම නිලධාරී කාර්යාලවල ප්රදර්ශනයට තබා තිබෙන බවද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 341 ක් සඳහා නාමයෝජනා බාරගැනීම එළඹෙන 22 වැනිදායින් අවසන් වන නිසා එදින හෝ එදිනට පෙර අයදුම්පත් යොමු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.
එදිනෙන් පසු ලැබෙන අයදුම්පත් ප්රතික්ෂේප කිරීමට හා 2017 පළාත් පාලන ආයතන නාමලේඛනයේ තොරතුරු හැර වෙනත් ලේඛන තොරතුරු මත ඉදිරිපත් කරන අයදුම්පත් ප්රතික්ෂේප කිරීමටද කොමිෂන් සභාව තීරණය කර ඇත.