පැවැති අපහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර හේතුවෙන් තම සහතික කිරීමේ නිලධාරී කාර්යාලවලදී හෝ 30 දින දී දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වූ විශේෂ දිනයක් ලෙස 2015.01.03 දා අවස්ථාව ලබා දී ඇත.
මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තම රාජකාරි ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයේදී එම පහසුකම එළඹෙන 03 දා පෙ.ව. 8.15 සිට ප.ව. 4.15 දක්වා සලසා ගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය දන්වා සිටියි.