තැපැල් ඡන්දය හෙට සහ අනිද්දා
තැපැල් ඡන්දය පැවැත්වෙන හෙට (23දා) සහ අනිද්දා (24දා) යන දෙදින තුළ අදාළ ස්ථානවලට ආරක්ෂාව ලබාදීමට සිදුවීම නිසා පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන්ට ඡන්දය ලබාදීමට මේ මස 26
වැනිදා යොදාගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එහෙත් පොලිස් මූලස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරීන්ට හෙට (23) සහ අනිද්දා (24) දිනයන්හිද ඡන්දය භාවිත කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්දය පැවැත්වෙන දෙදින තුළ රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබෙන බවත්, ඒ යටතේ ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට අමතරව ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් සහිත ජංගම රථ සහ පොලිස් යතුරු පැදිද යොදා ගන්නා බව පවසා සිටියේය.
මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන භාරව කටයුතු කරන පිරිස හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා විසින් විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය බවට ඉල්ලීමක් කළහොත් එම ස්ථානයට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් කණ්ඩායම් සූදානම් කර තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

