පියෙකු විසින් තම තිස් හැවිරිදි පුතු වක්පිහියකින් කපාකොටා මරාදමා ඇතැයි නාගොඩ පොලීසිය කියයි.
ඊයේ (21දා) රාත්‍රියේ වාඩුවැලිවිටිය උනන්විටියේ පිහිටි පුත්‍රයාගේ නිවස තුළදී මෙම ඝාතනය සිදු වී ඇති අතර, මෙසේ මරාදමා ඇත්තේ කෝන්ගහගේ සුමිත් ඩිලාන් (30) නැමැති එක්දරු පියෙකි.
නිවසේ සිටියදී පිටුපසින් පැමිණි 65 හැවිරිදි පියා පුතුට පහර දී මෙම ඝාතනය කොට ඇති බව පොලීසිය කියයි.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු බද්දේගම රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටි බව පොලීසිය සඳහන් කරයි.
සැකකාර පියා මීට ඉහතදීද තම බාප්පා මරා දමා ඇති බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.
හිනිඳුම රවීන්ද්‍ර ශ්‍රී ලාල්