රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනයට අදාළව මාස නවයක පමණ කාලයක් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කොට සිටි නාරාහේනපිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (16දා) නියම කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් තිදෙනෙකු සහිත ශරීර ඇප මත සැකකරු මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුට විදේශගතවීමද තහනම් කළේය. මේ අතර සෑම මසකම අවසන් ඉරිදා දින රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද ඔහුට නියම කෙරිණි.