මෝටර් වාහන පනතට අදාළ නියෝග තුනක් අද (05දා) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරුණි. 2017 අයවැයෙන් හඳුන්වා දුන් ත්‍රිරෝද රථ වෙනුවට රෝද හතරේ වාහනයක් මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීම, එම වාහනය අධිවේගී මාර්ගයට ඇතුළත් නොකිරීම, මෝටර් නිවස නමින් නව වාහන පද්ධතියක් හඳුන්වා දීම මෙහිදී සිදු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසා සිටියේය.