ත්‍රිපිටකය සරළ සිංහලට පරිවර්තනය කරයි
- 22 07 2015
- 19:39
- {{hitsCtrl.values.hits}} views
- . .
ධර්මය ඉතා සරලව මහජනතාවට අවබෝධ කරදීමේ අරමුණ ඇතිව සරල සිංහල භාෂාවට පරිවර්තනය කර සංක්ෂිප්ත කරන ලද ත්‍රිපිටක ග්රන්ථ 03 ක් අද (22දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
ත්‍රිපිටක ග්රන්ථ සම්පාදන මණ්ඩලය විසින් මෙම ග්රන්ථ සම්පාදනය කර තිඛෙන අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ත්‍රිපිටක ග්රන්ථ සම්පාදන මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානීස්සර නායක ස්වාමින් වහන්සේ විසින් ග්රන්ථ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධිපති පූජ්‍ය බළංගොඩ සෝභිත නායක හිමිපාණන් වහන්සේ, මහාචාර්ය වෑගම පියරතන ස්වාමින් වහන්සේ, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

