ත්‍රස්තවාදය නැවත නැගිටීමේ අභියෝගයක් - ගෝඨා
ත්‍රස්තවාදය නිමා කළත් එය නැවත නැගීසිටීමේ අභියෝගයක් පවතින බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
කොළඹ පැවැති MOMENTUM සමුළුව අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා,
"ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව පවා විවිධ කණ්ඩායම් අපගේ මාතෘ භූමියේ සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ ස්වෛරීභාවය විනාශ කිරීමට කටයුතු කරමින් සිටිනවා. අප රජයේ පරම යුතුකම වනුයේ මෙවැනි ක්‍රියා මුලිනුපුටා දැමීමයි. එසේ නොවුවහොත් ජාතියේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු නොවනු ඇත.
ත්‍රස්ත නායක ප්රභාකරන්ගේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද ශක්තිය විනාශ කර ඇතත් නැවත නැගී සිටීමක අභියෝගය අප හමුවේ තියෙනවා. ජාත්‍යන්තරව පැතිරී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජික ජාලය සහ අන්තවාදීදෙමළ කොටස් අද පවා වෙනම රාජ්‍යයක සංකල්පය දරනවා.
නැදියවන් විසින් මෙහෙයවන දෙමළ සම්බන්ධීකරණ සංගමයත්, රුද්රකුමාරන් විසින් මෙහෙයවන අන්තර් රාජ්‍ය දමිළ ඊලාම් සංවිධානයත්, විනායගම්ගේ එල්.ටී.ටී.ඊ. මූලස්ථාන කණ්ඩායමත් දැනට විවිධ රටවල ක්‍රියාත්මකව පවතින අතර, අරමුදල් රැස් කරමින් සිටිනවා. මොවුන්ගේ අරමුණ වෙන්නේ ශ්‍රී ලංකා භූමිය තුළ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමටයි." යැයි පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

