ශ්‍රී ලංකාවට තවදුරටත් වැසි රහිත, වියළි කාලගුණික තත්ත්වයක් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම මේ දිනවල පවතින ශීත කාලගුණික තත්ත්වයද තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.
හෙට (12දා) සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉහත අනාවැකි ප්‍රකාශ කරයි.මේ අතර හිමිදිරි උදෑසන නුවරඑළියේ බොහෝ ස්ථාන වල මල් තුහින පතිත විය හැකි බවද එහි සඳහන් වෙයි.
කෙසේ වෙතත් සබරගමුව පළාතේ හා මාතර දිස්ත්‍රිකකයේ ඇතැම් ස්ථානවල සුළු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.