ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක තරුණ ක්‍රීඩකයින් දක්ෂතා නොදක්වන බවත් කණ්ඩායම බොහෝ අවස්ථාවලදී වෙනස් කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට දක්ෂතාව තිබෙන නමුත් මේ වන විට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දියාව හා ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගය පිළිබඳව අදහස් දැක්වූ මුරලි පැවැසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බවත් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන බවත් ඔහු පැවැසීය.
ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි