තමාට ලැබුණ තනතුරු විශේෂයෙන්ම බලාපොරොත්තු වූ දේ නොවන බවත් දේශපාලන දිවියේ මේ තරම් ඉදිරියට පැමිණීමට හැකි වෙතැයි අපේක්ෂා නොකළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (25දා) කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ පැවැති ආගමික වැඩසටහනකදීය.
“තනතුරු මම විශේෂයෙන් බලාපොරොත්තු වූ දේවල් නොවෙයි. දේශපාලන ජීවිතයේ මෙතෙක් දුර ඉදිරියට පැමිණීමට හැකිවේ යැයි මා සිතුවේ නැහැ. වසර 40ක් දේශපාලනයේ රැඳී සිටීම ඉතා අසීරු කටයුත්තක්. ඒ තුළ ජය පරාජය ආදි සියලු දේ තිබෙනවා.
නමුත් නිසි අවබෝධයකින් සහ විග්රහයකින් යුතුව සියලු දෙයට ඉදිරියට යාමේ හැකියාව මට ලැබුණේ බුද්ධ ධර්මයේ පිහිට මතයි. බුදුරජාණන් වහන්සේගේ දේශනා සහ ධම්ම පදය පරිශීලනය දේශපාලන දිවියේ මෙතරම් දුර පැමිණීමට අවශ්‍ය ගැඹුරු වැටහීම මට ලබා දුන්නා. එය පිනක් සහ වාසනාවක් ලෙස මා සලකනවා.” යැයි වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පැවසීය.