ශ්‍රී ලංකාවේ පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ සහාය ලබාදෙන බව අද (19දා) දිවයිනට පැමිණෙන එරට විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය ප්‍රකාශ කරනු ඇති බව එම තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සංවර්ධන ක්‍රියාවලියේදී පවතින දීර්ඝ කාලීන සබඳතාවේ තවත් එක් අවස්ථාවක් ලෙසද තානාපති කාර්යාලය මෙය පෙන්වා දෙයි.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය මුලින්ම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, රජයේ අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා සමගද සාකච්ඡා පවත්වනු ඇති බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.