2017 ජනවාරි 09 වන දින අංක 2001/02 යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2017 අංක 01 දරන මෝටර් වාහන (මෝටර් ට්රයිසිකල්) නියෝග ක්‍රියාත්මක කරන දිනයක් සදහන් කර නැතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්යාපායර කියයි.
සාමාන්‍යයෙන් ගැසට් පත්‍රයේ ක්‍රියාත්මක වන දිනයක් සඳහන් කරනු නමුත් මෙම ගැසට් පත්‍රයේ එසේ ක්‍රියාත්මක වන දිනයක් සදහන් කර නොමැති හෙයින් නීති ක්රියාක්මක වීම සැකසහිත බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මේ වන විට ටැක්සි මීටර් විශාල ප්‍රමාණයක් දිනපතා අලෙවි වන බව පෙන්වා දෙන එම සංවිධානය ඒවායේ විවධ ගැටලු ඇති බවද පවසයි.
ඒ අනුව 2017 අංක 01 දරන මෝටර්වාහන (මෝටර් ට්රයිසිකල්) නියෝග ක්‍රියාත්මක වන දිනය හැකි ඉක්මනින් සඳහන් කර දැනට අලෙවි කරනු ලබන රිසිට් පතක් නිකුත් කළ නොහැකි ටැක්සි මිටර් අලෙවිය නවතා දැමීමට කටයුතු කරන ලෙසද ඔවුහු අප රජයෙන් ඉල්ලා සිටිති.