ජෙරුසිලමේදී ඊශ්‍රායල් හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් මතින් ට්‍රක් රථය ධාවනය කිරීමට සැලැස්වීමේ උත්සාහයකදී මෙම මනුෂ්‍ය ඝාතන සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙක් හා එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එමෙන්ම, තවත් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊශ්‍රායල් පොලීසියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා තිබුණේ, මුලින්ම එම පිරිස මතින් ධාවනය කළ ට්‍රක් රථය පැදවූ පුද්ගලයා, පසුව සිය රථය ඔවුන් මතින් පසුපසටද ධාවනය කළ බවයි.
මෙම ප්‍රහාරකයා පසුව ඊශ්‍රායල් හමුදාවේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ට්‍රක් රථය වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරවල ඡායාරූපයද ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

.jpg)