තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (09දා) රාත්‍රියේ පැවැත්විණි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැති අතර, එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව වාර්තා වේ.
මහනුවර පැවැති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියට එක්වන බවට ජීවන් කුමාරතුංග මහතා සම්බන්ධයෙන් ඊයේ දිනය පුරා විවිධ ආරංචි පැතිර ගියේය.