ශ්රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුරවැසියන් පිළිබඳව "ජාතික පුද්ගල නාමලේඛයක්" සකස් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ජාතික පුද්ගල නාම ලේඛනයට සියලුම පුරවැසියන්ගේ ජීවදත්ත, ඇගිලි සලකුණු, බිරිද, දෙමාපියන් ඇතුළු පවුලේ ළඟම ඥාතීන්ගේ තොරතුරු ඇතුළත් වන බව එම දෙපාරත්මේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසූ බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්රී ලකංවේ ජීවත් වන 16,000,000කට අධික වයස අවුරුදු 17ට වැඩි පුරවැසියන්ගේ සියලු තෙරතුරු මෙම ජාතික පුද්ගල නාමලේඛනයට ඇතුළත් කෙරෙන අතර 2019 වසර අවසන් වීමට පෙර එය සකස් කොට ක්රියාත්මක කිරීමට නියමිතය.