ජාතික චිත්රපට සංස්ථා පනත උල්ලංඝනය කරලා
ජාතික චිත්රපට සංස්ථා පනතට පටහැණිව චිත්රපට මුදා හැරීම සහ බෙදාහැරීමේ අර්බුදය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඇතිව තිබෙන තත්ත්වය විසඳීම වන සඳහා යෝජනා ඇතුළත් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය පවසයි.එම යෝජනාවලිය තුළ යෝජනා 07 ක් ඇතුළත්ව තිබේ.
දැනට අවිධිමත් ලෙස ක්රියාත්මක ධාරා තුන විධිමත් වන ලෙස සක්රීය කිරීම, එම ධාර තුනට අයත් සිනමා ශාලා වෙන්කිරීම, කුමන හේතුවක් යටතේවත් එය ධාරාවකට අයත් සිනමා ශාලා වෙනත් ධාරවලට ලබා නොදීම, චිත්රපට බෙදාහැරීම ප්රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතික ලත් දිනය අනුව අනු පෙළගැස්වීම, මුදා හරින ලද චිත්රපටයට අවම වශයෙන් සති දෙකක් දක්වා දර්ශන වාර සියල්ලම ලබාදීම, චිත්රපටයක් මුදාහැරීමට පෙර අවම වශයෙන් මාස තුනකට පෙර නිෂ්පාදන සහ මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් කිරීම සහ විදේශීය චිත්රපට මුදා හැරීමේදී චිත්රපට සංස්ථා පනතට අනුව ක්රියාත්මක කිරීම යන යෝජනා ඊට ඇතුළත් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

