ජාතික ආණ්ඩුවට එරෙහිව මහින්ද සමග 11ක් නැගිටිති
එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට යෝජිත ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්රීවරු 11 දෙනෙක් විරුද්ධත්වය පළකර සිටිති.
ඔවුහු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පක්ෂ සාමාජිකයෝ වෙති. දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණට අයත් මන්ත්රීවරුන් තිදෙනෙකු, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණට අයත් මන්ත්රීවරු පස් දෙනෙකු, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක හා මහලේකම් උදය ගම්මන්පිල යන මහත්වරුන් දසදෙනා මෙන්ම, කුරුණෑගල දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම පිරිසට අයත් වන බව වාර්තා වේ.
මෙම මන්ත්රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ වෙනම සන්ධානයක් ලෙස ක්රියාකිරීමට නියමිත අතර, එහි නායකත්වය බොහෝ දුරට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දරනු ඇති බවද සඳහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

