දකුණේදී සහ බස්නාහිරදී ජනතාව ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වූ ආකාරයටම ඌව පළාතේදීත් ජනතාව පක්ෂය වටා එකතු වීම නිසා දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මේ රට තුළදී තීරණාත්මක බලවේගයක් බවට පත්වූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙවර මැතිවරණයේදී මුළු දේශපාලන පිටියම පෙළගැසී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ වටා බවත්, මේනිසා ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව විශාල ප්‍රහාර එල්ල කළ බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ආණ්ඩුව භීෂණය පතුරවමින් රාජ්‍ය දේපළ රාජ්‍ය මාධ්‍ය, කෑමබීම බෙදාදීම හා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් සිටියදීත් ඌවේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වූ බවත්, මේනිසා තම පක්ෂය මේරටේ තීරණාත්මක බලවේගය බවට මේ වනවිට පත්ව තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ පළාත් සභා මැතිවරණය මැර ක්‍රියා වැඩිම ඡන්දයක් ලෙස පත්වූ බවත්, මැතිවරණ ඉතිහාසයේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැඩිම මැතිවරණය ලෙස වයඹ පළාත කිරුළ හිමිකරගෙන තිබෙන විට ඌව පළාත් සභා මැතිවරණය වැඩිම රාජ්‍ය දේපළ යොදාගත් මැතිවරණ ලෙස ඉතිහාසය ගත වී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණු නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.