ජලාශ 36ක ජලමට්ටම පහතට
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 72 අතරින් ජලාශ 36 ක ජල මට්ටම 40%- 50% ත් දක්වා පහත වැටී ඇතැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේය.
මේ අතුරින් ජලාශ 10 ක ජල මට්ටම 10%කටත් අඩු මට්ටමක පවතින බවද ඔහු පවසා සිටියේය. ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ තත්ත්වය නිසා මොනරාගල,මඩකලපුව,අනුරාධපුර,පොළොන්නරුව, පුත්තලම සහ හම්බන්තොටදිස්ත්රික්කවල නියං තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බවයි.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ළිංවල ජල මට්ටමද පහතවැටී තිබෙන බවත්, මේ නිසා සති දෙක තුනකට වරක් ජලාශ මගින් ඇළ මාර්ගවලට යම් ජල ප්‍රමාණයක් මුදාහරින බවත් ඔහු පවසා සිටියේය.
අදාළ තත්ත්වය නිසා ඉදිරි කන්නය ඔක්තෝබර් 15 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව තිබුණද, එය නොවැම්බර් පළමු වැනිදා දක්වා දීර්ඝ විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
