ශ්‍රී ලංකාව තුළ මසුන්,ජලජ පැළෑටිසහ බෙල්ලන් ඇතුළු ජලජීවී වගාවට උචිත ඉඩම් හෙක්ටයාර් 10,000ක් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත.
මෙම ඉඩම් සියල්ල රජයේ ඉඩම් වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් මුහුදු කූඩැල්ලන් (SEA CUCUMBER), මොදා, මූදිල්ලා, ඉස්සෝ, පොකිරිස්සෝ සහ මුහුදු පැළෑටි වගාවට උචිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ වාණිජ මට්ටමෙන් ජලජීවී වගාව දියුණු කිරීම තුළින් 2020 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 425ක ඉලක්කයක් සපුරාගැනීමට මෙමගින් අපේක්ෂිතය.