ජර්මනියේ, කොන්ස්ටන්ස් නගරයේ රාත්‍රී සමාජ ශාලාවකදී සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
ඉරිදා අලුයම 4.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී ප්‍රහාරකයාගේ වෙඩි පහරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුව පොලීසිය හා ප්‍රහාරකයා අතර සිදුවූ වෙඩි තැබීමෙන් ඔහු තුවාල ලබා තිබේ. කෙසේ වෙතත්, රෝහල්ගත කළ ප්‍රහාරකයාද ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා රාත්‍රී සමාජා ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකි. හෙතෙම ප්‍රහාරකයා වැළැක්වීමට යාමේදී ඔහුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරකයා සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරය කවර පෙළඹවීමක් මත සිදුවීද යන්න මූලික පරීක්ෂණවලින් අනාවරණය වී නොමැත.