ජයලලිතාගේ සෞඛ්‍ය ගැන බොරු ප්‍රචාරය කළැයි දැලේ
තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සාවද්‍ය තොරුතුරු ප්‍රචාරය කළේ යැයි කියමින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය කටයුතු කර තිබේ.
දකුණු ඉන්දියාවේ බලවත් මෙන්ම විවාදාත්මක දේශපාලන චරිතයක් වන ජයලලිතා පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ නිසාම, ඇගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ කුතුහලයන් පැනනැගුණේ ඒ පිළිබඳ පැහැදිලි සාක්ෂියක් නොමැති වීමෙනි.
එවැනි තොරතුරක් ලබානොදීමට තීරණය කර තිබුණේද, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නම් ඇගේ ආධාරකරුවන් විසින් තම ජීවිතවලට හානියක් කරගැනීමට ඉඩ ඇති නිසා බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
ඒ අනුව, ජයලලිතාගේ සෞඛ්‍ය තත්ත්වය රහසක්ව පවත්වා ගැනීමට බලධාරීන් කටයුතු කර තිබුණු අතර, මේ තත්ත්වය තුළ ඇගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විවිධ කටකතා සුනාමියක් සේ ඉන්දියාව පුරා පැතිර ගොස් තිබුණි.
මෙවැනි වාතාවරණයක ජයලලිතාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි පවසමින් තමිල් නාඩුවේ චෙන්නායි නුවරදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර, ෙමවැනි කටකතා පැතිරවූ තවත් පුද්ගලයන් 40ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද ඉන්දී්‍ය පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
