ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන “සිප්සයුර” සමාජ සත්කාර වැඩසටහන යටතේ ඇල්පිටිය ගනේගොඩ මහ විද්‍යාලයට අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් ඉදි කර සිසු අයිතියට පැවැරීම ඉකුත් දා සිදුවිණි. “සිප්සයුර” සමාජ සත්කාර වැඩසටහනේ තෙවැනි ව්‍යාපෘතිය ලෙස ඉදි කරන ලද මෙම අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂ්‍ය සංගමය හ පරිගණක විද්‍යාගාරය ඇල්පිටිය ගනේගොඩ මහ විද්‍යාලයේ සිසු අයිතියට පැවැරීමේ උත්සවයට සමගාමීව එම පාසලේ දරු දැරියන්ට පාසල් උපකරණ බෙදා දීමක් ද සිදු කෙරුණි. “සිසි අරුන්දතී” කලා ප්රංසගයෙන් උපයාගත් මුදලින් එම සමාජ සත්කාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.