ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට යෑමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු බ්රහස්පතින්දා දිනයේ ජපාන පාර්ලිමේන්තුව විසිරුහා හැරීමට නියමිතය.
උතුරු කොරියාවෙන් එල්ල වී ඇති තර්ජනයට මුහුණ දීම සඳහා ශක්තිමත් ජනතා විශ්වාසයක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබේ.
අද (25දා) දිනයේදී ඔහු ජාතිය අමතමින් මේ බව ප්රකාශ කළේය. අබේ මේ වන විට තෙවතාවක්ම ජපාන අග්රාමාත්ය ධුරයේ කටයුතු කරමින් සිටියි.