විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම අපේක්ෂාවෙන් මිදී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය කුමක් සඳහන් කළද ආණ්ඩුවේ අපේක්ෂාව එය වන අතර එම පක්ෂය සමග මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම 2020 වසර දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් ජනාධිපති අපේක්ෂකයකු පිළිබඳ කතාබහකිරීම තේරුමක් නැති බවද පැවසූයේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (11 ) පැවැති මාධ්‍ය හමුවේදීය.