භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීමට අදාළව පත්කළ ජනාධිපති කොමිසම හමුවේ වත්මන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද(21) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දුන්නේය.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පිහිටි මෙම විශේෂ ජනාධිපති කොමිසම වෙත පෙරවරු 10.45ට පමණ පැමිණි කුමාරස්වාමි මහතාගෙන් දහවල් 2.00 පමණ වනතුරු සාක්ෂි විමසීම සිදුවිය.
ජනාධිපති කොමිසමේ සාමාජිකයන් තිදෙනා මුලසුන ගත් සාක්ෂි විමසීමේ අවස්ථාවේදී නීතිඥයන්ගේ ප්‍රශ්න කිරීම්වලට කුමාරස්වාමි මහතා පිළිතුරු ලබා දුන්නේය.
ඒ මහතාගේ අධ්‍යාපන තත්ත්වය,මහබැංකුව පිළිබඳ ඇති පලපුරුද්ද,මහබැංකු බැඳුම්කර සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය වැනි කාරණා පිළිබඳ එහිදී ප්‍රශ්න කෙරිණි..jpg)