එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සැසිවාරයට එක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17දා) ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. එමිරේට්ස් ගුවන් සේවයට අයත් සාමාන්‍ය ගුවන් යානයකින් ඔහු අද (17දා) පෙ.ව. 10.30ට පමණ දිවයිනෙන් පිටත්ව ගියේය.
මේ සඳහා 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටිති. ජනපතිවරයා 19 දා සමුළුව ඇමතීමට නියමිතය.