ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආර්ථික කවුන්සිලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
එහි සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති මංගල සමරවීර, ජනපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම් හා මහ බැංකු අධිපතිවරයා නම් කර ඇත.
ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ ගැනීම, විමර්ශනය හා පසුවිපරම් කිරීම ආදිය මෙම කවුන්සිලයේ කාර්යය වෙයි. දැනට ක්‍රියාත්මක ආර්ථික කළමනාකරණ කමිටුවට ඉහළින් මෙම ජාතික ආර්ථික කවුන්සිලය පිහිටුවීමට නියමිතය.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදිප ඇසුරෙනි)