ඇතැම් ජනවර්ගවලට සිදුවන යම් යම් වෙනස්කම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් ආවරණය වුවද ජනවර්ගවල වෙනස්කම නවතාළීම සඳහා වෙනත් පනත් ක්‍රියාත්මක කිරීම තුළින් හැකියාව ලැබෙන බව අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සඳහන් කළේය.
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජුලියන් හිල් මහතා සහ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අතර අද (16දා) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඇතිකරන පනතට අනුව ජනවර්ගවලට සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කිරීමට හා සමථකරණයට වෙනම ආයතනයක් ස්ථාපිත කළ හැකි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.