ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළහොත් එය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් වී සති 06 ක් තුළදී ජනමත විමසීමට හැකියාව තිබෙන බවද පවසා සිටියේය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ඊට අදාළ කටයුත්තකදී හැර ජනාධිපතිවරයාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල අනුව තම කැමැත්ත මත ජනමත විමසුමක් ප්‍රකාශයට පත් කළ හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.