ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මිය ගිය සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (30දා) සඳුදා සවස තුනට පොලොන්නරුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
දේහය පොලොන්නරුව ඇතුමල්පිටිය නිවසේ තැන්පත් කර ඇත. වයස අවුරුදු 43 වියෙහි පසුවූ ඒ මහතා ඉකුත් විසි හය වනදා තම මිතුරෙකු සමග ඇති කර ගත් ආරවුලක් දුර දිග යෑම හේතුවකින් ඇතිවූ පහර දීමකින් මිය ගියේය.
1972 වසරේ දෙසැම්බර් දොලොස්වෙනි දින පොලොන්නරුවේ උපත ලැබු පී.ජී ප්‍රියන්ත සිරිසේන මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයා වෙයි. ඔහු තිදරු පියෙකි.
පොළොන්නරුවේ වැලි රාජු නමින් ප්‍රසිද්ධ ප්‍රියන්ත සිරිසේන මහතා ප්‍රබල ව්‍යාපාරිකයෙකු, ධානපතියෙකු මෙන්ම සමජසේවකයෙකු ලෙසද ප්‍රසිද්ධය.