ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනපතික්‍රමය අහෝසි කිරීමට බැඳී සිටින බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (18දා) පැවසීය.
විධායක ජනාධිපතික්රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවත්,එම ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ යැයි ජනාධිපතිවරයා පවසා නොමැති බවත් කිරිඇල්ල මහතා කීය.
මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවේ සියලු දෙනා එක්සත් ජාතික පෙරමුණේ ජනවරමට ගරු කළ යුතු අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සිටිනුයේ එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලැබුණු නිසා බවයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක්ම විධායක ජනපතිධුරය අහෝසි කළ යුතුබවට ප්‍රකාශ කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.