එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (18දා) උදෑසන නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එරටට ළගා විය.
නිව්යෝර්ක් නුවර ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.