ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (09දා) ඉන්දියාවේ තිරුපති කෝවිලේ විශේෂ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ශ්රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.
දින දෙකක සංචාරයක් සඳහා ජනපති ඉන්දියාව බලා පිටත්වන අතර ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ සටහනක්ද ක්රියාත්මක කර ඇති බව හින්දු පුවත්පත පැවැසීය.
අද ප.ව. 4.30 ට ජනපතිවරයා ඉන්දියාවට ළගාවීමට නියමිත අතර පස්වරුවේ පළමුවරට කෝවිලේ ආගමික වතාවත් වල නිරත වේ.
නැවතත් පසුවදා පෙරවරුවේ ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව හෙට පෙ.ව. 9.30ට ඉන්දියාවෙන් ශ්රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.