ජනපති කාර්යමණ්ඩලයට 1348 ට වසර 03කට මිලියන 1340 ක්
ජනාධිපති කාර්යමණ්ඩලයට අනුයුක්ත 1348 ක් වූ විශාල සේවක සංඛ්‍යාව වෙනුවෙන් රජය පසුගිය වසර 03 තුළ රුපියල් මිලියන 1340 ක් තරම් විශාල මුදලක් දරා ඇති බව ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ජනපති කාර්යමණ්ඩලය වෙනුවෙන් මේ වනවිට 1488 ක සේවක සංඛ්‍යාවක් අනුමත කොට ඇති නමුත් ඒ සඳහා යොදවා ඇත්තේ 1348 දෙනෙකු පමණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ තොරතුරු ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.
එක සේවකයෙකුට මසකට ගෙවන සාමාන්‍ය වැටුප රුපියල් 29,328 ක් වේ. එය අනිකුත් දීමනාද සහිතවය.
එක් පුද්ගලයෙකු සඳහා මේ සා විශාල මුදලක් වැයකිරීම සාධාරණද යන්න දිසානායක මහතා රජයෙන් මෙහිදී ප්‍රශ්න කළේය. මෙම සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ අනුමත කොට ඇති නිසා එය සාධාරණ බව ගුණවර්ධන මහතා පිළිතුරු ලෙස පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

