ජනපතිවරණයේදී ඡන්ද ලක්ෂ 62ක් ගත් ජනපතිවරයා පළාත් පාලන මැතිවරණයේ ලබාගත්තේ ඡන්ද ලක්ෂ 13ක් බැවින් ධුරයෙන් ඉවත්විය යුත්තේ ජනපතිවරයා බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.
" බැසිල් රාජපක්ෂ කියලා තියෙනවා එපා කියද්දී වැරදි තීරණයක් ගත්තා කියලා. මේක ගෙනාපු අය දණගස්සවන්න බැසිල් කටයුතු කරනවා. නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ලොබියේ හොටු පෙරාගෙන අඩනවා. බෝලය දැම්මේ ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැති ඒක නිදැල්ලේ ඇරියා. කඩුලු රකින්නාට බීමර් පන්දුව වැදුණා. කඩුලු රකින්නා කවුද කියලා අපි කියන්නේ නෑ.
නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තුවට පැමිණියේ නෑ. මේක කුමන්ත්‍රණයක්ද? කුමන්ත්‍රණකරුවෝ බලනවා ඇමති තනතුර ආරක්ෂා කරන්න. විශ්වාසභංගය හැරවීමයි විශ්වාසභංගය ගෙන ඒම ගැන ඒකාබද්ධ විපක්ෂයට ස්තූතිවන්ත වෙනවා අගමැතිට ඉවත්වෙන්න කියන ජනපතියි ඉවත්විය යුත්තේ. දෝෂාභියෝගයක් ගේන්න ඕන ජනපතිට එරෙහිවයි."