එළැඹෙන ජනපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තෝරාගන්නා අපේක්ෂකයා වෙනුවෙන් තමන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
“ මෑතකදී පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී මම කටයුතු කළ ආකාරයටම ඊළඟ ජනපතිවරණයේදී කටයුතු කරනවා. ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තෝරා ගන්නා අපේක්ෂකයා වෙනුවෙන් මම මැතිවරණ ව්‍යාපරයට නායකත්වය දෙනවා.” යැයි ඔහු පැවැසීය.